Thursday, March 16, 2017

ලංකාවේ බලශක්ති අර්බුදය සරලව සිංහලෙන් ( පළමු කොටස)





ලංකාවේ බලශක්ති අර්බුදයක් ඇති බවත් ඒ සඳහා පියවරගැනීම කාලීන අවශ්‍යතාවයක්  බවත් සෑම විටකම මාධ්‍ය මගින් මෙන්ම දේශපාලකයන් ද  වේදිකාවල සංවාදයට ලක් කරනු ලබන මාතෘකාවකි. නමුත් නිවැරදි ලෙස මෙම අර්බුදය කුමක්ද යන්න පැහැදිලි කර ඇති සිංහල ලිපි වල අඩුවක් දක්නට ලැබෙන අතර මේ පිලිබඳ නිවැරදි දැක්මක් සාමාන්‍ය ජනසමාජය තුල නොමැති බවත් දක්නට ලැබේ. මෙම ලිපිය එම අඩුව පුරෝකථනය කිරීමට හා මේ විෂය පිළිබඳව නිවැරදි දැක්මක් ලබාදීමට ගන්නා උත්සාහයක ලිපි මාලාවේ පළමු කොටසයි. (බලශක්තිය සහ විදුලිය සම්බන්දයෙන් ඇති සිංහල පාරිභාෂික ශබ්ද මාලාවේ අඩු පාඩු හැකිතාක් දුරට මග හරවා පාඨකයාට නිවැරදි අදහස ලබාදීමට සෑම උත්සාහයක්ම ගනු ලැබ ඇති අතර වරහන් තුල සාමාන්‍ය ව්‍යවහාරයේ යෙදෙන ඉංග්‍රීසි වචන තේරුම් ගැනීමේ පහසුව සඳහා යොදා ඇත )


බලශක්තිය (power ) සහ ශක්තිය (energy ) අතර වෙනස

සරලව පැවසුවහොත් ශක්තිය (energy ) යනු අපට කාර්යයක් කරගැනීමට හෝ කරවාගැනීමට ඇති හැකියාවයි. බලශක්තිය (power ) යනු එම කාර්යය කරවා ගැනීම සීග්‍රතාවයයි. ශක්තිය ජුල් (Joule ) වලින් මනින විට බලශක්තිය මනිනු ලබන්නේ ඒකක කාලයකදී කරන කාර්ය ප්‍රමාණය - තත්පරයකට ජුල් හෙවත් වොට් (Watt ) මගිනි. නිවසක විදුලි බිලේ යුනිට් එකක් ලෙසින් අදහස් කරනුයේ කිලෝවොට්පැය (killowatt Hour ) එකක් හෙවත් ජුල් මිලියන 3.6 ක ශක්ති ප්‍රමාණයකි. මීට සමාන්තරව විදුලි බුබුලක් වොට් 60 (60 Watt ) යනුවෙන් කීමෙන් පවසනුයේ එම විදුලි බුබුල තත්පරයකදී ජුල් 60 ක ශක්තිය පරිභෝජනය කරන (ආලෝක ශක්තියට පරිවර්තනය) කරන බවකි.



බලශක්තිය??

බලශක්තිය  යන වචන ඇසු විට එක් වරම අප ලාංකිකයන්ගේ  මතකයට එන්නේ - විදුලිය, ගෑස් , පෙට්‍රල්, ඩිසල්, භූමි තෙල්, ගෑස්, ගල් අඟුරු වැනි වදන්ය. මේ වචනවලින් විදුලිය හැරුණු විට අනික් ඒවා ලංකාවේ ඇති දේශීය ශක්ති ප්‍රභව (Energy sources ) නොවුනත් මේවා පමණක් අප සිහියට ඒමට හේතුව  වන්නේ එදිනෙදා වෙළඳ පොලේ ආර්ථික වටිනාකමක් ඇතුව හුවමාරු වන බලශක්ති ප්‍රභව මේවායි - තවත් විදියකින් කිවහොත් අපි මිලක් ගෙවන්නේ මේවා සඳහායි.

හොඳම උදාහරණ වන්නේ විදුලි බිල, පෙට්‍රල් බිල හා ගෑස් මිල  ආදී වශයෙන් අපගේ පසුම්බියෙන් මුදල් වැය කරනුයේ මෙම ශක්ති ප්‍රභේද සඳහා වීමය. අනෙකුත් දේශීය ශක්ති ප්‍රභව තිබුනත් ඒවාට අප ආර්ථික වටිනාකමක් එදිනෙදා වැඩකටයුතු වලදී ආදේශ නොකරන බැවින් අනෙකුත් ප්‍රභව අප වටා තිබෙන බව බොහෝ විට අපට හැගී නොයයි (උ.දා  - සුර්ය ශක්තියෙන් ඇඳුම් වේලා ගැනීම)


දේශීය ශක්ති ප්‍රභව

ලංකාවේ ඇති දේශීය බලශක්ති ප්‍රභව වලින් අප භාවිතයට සුලබ ලෙස ලබාගනුයේ,
  • දැව (දර)
  • සූර්ය බලය
  • සුලන්
  • ජල විභවය (ජල විදුලිය )




ලංකාවේ දේශීය ශක්ති ප්‍රභව ඇති නමුත් මේවා සඳහා අප රිජුව මුදලක් නොගෙවන බැවින් (ජල විදුලිය හැරෙන්නට) මේවා අප රටේ තිබෙන බව අපට එදිනෙදා ජීවිතයේදී මේවා පවතින බව අපට හැගී නොයයි. උදාහරණයක් ලෙස දර බොහෝ විට නොමිලේ එකතු කරගන්න අතර අනෙක් ඉහත සඳහන් ප්‍රභව සඳහා අප මිලක් ගෙවනුයේ වක්‍රාකාර ලෙස  ‘විදුලි බිල’ නමැති පොදු නාමිකයෙනි (ජල විදුලිය, සුර්ය, සුලන්, ඛනිජ තෙල් හෝ ගල් අඟුරු  ශක්තියෙන් සැදු විදුලිය ආදී වශයෙන්)


විදුලිය


බලශක්තිය සමග නිරතුරුවම කියවෙන නොකියා බැරි වචනයකි විදුලිය. අප පැහැදිලිව තේරුම් ගතයුතු කරුණක් වන්නේ විදුලිය යනු දැව, සුර්ය බලය, සුලන්, ගල් අඟුරු, බොර තෙල්  වැනි ස්වාභාවිකවම පවතින ප්‍රාථමික ශක්ති ප්‍රභවයක් නොවන අතර එම ප්‍රාථමික ශක්ති ප්‍රභව උපයෝගී කරගෙන නිපදවන ද්වීත්යික ශක්ති ප්‍රභවයක් පමණකි විදුලිය (seondary energy form ).
මෙය සරල උදාහරණයකින් පැහැදිලි කළහොත් විදුලි බලගාරයකදී ප්‍රාථමික ශක්ති ප්‍රභවයක් (ජලයේ විභව ශක්තියෙන්, ගල් අඟුරු/ඛනිජ තෙල් වල ශක්තියෙන්) උපයෝගී කොටගෙන විදුලිය නිපදවන අතර එම විදුලිය අප නිවසට පැමිණි විට අප එම විදුලිය භාවිතයට ගන්නේ නැවතත් ස්වභාවිකව පවතින ශක්ති ප්‍රභේදයක් බවට පරිවර්තනය කිරීමෙනි (බල්බයෙන් ආලෝක ශක්තිය, හීටරයෙන් තාප ශක්තිය ආදී වශයෙන්)



ලංකාවේ ශක්ති ප්‍රභව වල භාවිතයේ විකාශනය  

ඔබෙන් කවුරු හෝ ඇසුවහොත් ලංකාවේ මිනිසුන් භාවිතා කරන විශාලම ශක්ති ප්‍රභවය කුමක්ද කියා? බොහෝ දෙනෙකු පවසණු ඇත්තේ ඛනිජ තෙල්, ගල් අඟුරු වැනි පිළිතුරුය. නමුත් නිවැරදි පිළිතුර වන්නේ දැව (දර) ය.


පහත ප්‍රස්ථාරයෙන් දැක්වෙන පසුගිය දශක හතරෙහි ලංකාවේ ශක්ති ප්‍රභව භාවිතයේ පරිණාමනය මේ සඳහා සාක්ෂි දරනු ඇත.




මුලාශ්‍රය - ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය
(දත්ත අරගෙන සිංහලෙන්ම ඇන්දා ඔබගේ පහසුවට)


ඉහත ප්‍රස්ථාරයෙන් දක්වා ඇති පරිදි,
    • දර වලින් ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් සපයනු ලැබේ. සියලුම ඛනිජ තෙල් වර්ගවල (පෙට්‍රල්, ඩිසල් හා භූමිතෙල්) හා ගල් අඟුරු ද එකතු කල විට ලැබෙන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රමාණයක බලශක්ති අවශ්‍යතාවයක් දර මගින් ලබා දෙනු ලැබේ. 2014 වර්ෂයේ ශ්‍රී ලාංකිකයන්ගේ ශක්ති අවශ්‍යතාවයෙන් 42.5% ප්‍රතිශතයක් සපයා ඇත්තේ දැව (biomass ) මගිනි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ 78% අප රටේ නිවෙස් වල ආහාර පිසීම සඳහා යොදාගන්නා ශක්ති ප්‍රභවය වන්නේ - දර ය.
    • මෙම ප්‍රස්ථාරය නිරීක්ෂණ කරන විට දැකිය හැකි අනෙක් වැදගත් කරුණ වන්නේ පසුගිය දශක හතර පුරා වැඩි වන බලශක්ති ඉල්ලුම පිරිමසින ලද්දේ ආනයනය කරන ඛනිජ තෙල් මගිනි. මෙහි ඇති භයානක කම වන්නේ අප ද්‍රවමය ඛනිජ තෙල් උගුලක (Liquid Petroleum Trap ) රටක් ලෙසින් සිරවීමට යන ගමනයි. ඉහත ප්‍රස්ථාරය මැනවින් එය පෙන්නුම් කරයි.


ලංකාවේ විදුලි බලශක්ති අර්බුදය හා සබැඳි ගල් අඟුරු බලාගාර ප්‍රශ්නය පිලිබඳ සරල පැහැදිලි කිරීමක් මීළඟ කොටසින් බලාපොරොත්තු වන්න!

24 comments:

  1. Well presented - හොන්තෛ

    ReplyDelete
  2. Nice article. Thanks for sharing these valuable info.
    I have one question that not related to this article. I live in Kaduwela & everyday I see large flame(Flare stack) that burn waste gas at Sapugaskanda oil refinary. Can't we use this massive flame to boil some water and produce electricity using the steam. I always wondered about that.Just wanted to get your insight on this. Thanks in advance.

    ReplyDelete
    Replies
    1. Hi Dasun, Thanks!
      Any kind of waste heat can be recovered (high quality or low quality heat) but the question is whether that can be recovered & put to useful use ECONOMICALY? In European countries these waste heats are recovered and being used to make hot water during winter and to make chilled water during summer (using absorption chillers). Since I am not a petroleum expert and I have no data regarding the Sapugaskanda refinary, I can not give you a straightforward answer regarding your query.

      Delete
  3. මගේ දැක්ම,

    ජීවන තත්වයේ ගුණාත්මකභාවය ඒකපුද්ගල ශක්ති පරිභෝජන ප්‍රමාණය සහ ඊට සම්බන්ධ ශක්ති ප්‍රභව එක්ක කෙලින්ම සම්බන්ධයි.

    බලශක්ති ප්‍රභවය විදියට මිනිස් වහලුන් යොදාගැනීමේ සිට ශීලාචාර සමාජ ගත වීමේ හැරවුම් ලක්ෂය තමයි C–H බන්ධනයන් අපේ වහලුන් වෙනුවට ආදේශ කරගන්නේ කෙසේදැයි අවබෝධ කර ගැනීම. දැන් එයින් ලැබෙන ශක්තිය අස්ථාවර නිසා නැවත ඒ ගැන කතාව ලෝකය පුරා මතු වෙනවා.

    ජීවන තත්වයේ ගුණාත්මකභාවය energy-environment-sustainability කියන ආධාරක තුනේ සමබර තාවය මත පිහිටන්නේ. ඇත්තෙන්ම ඒ නිසයි බලශක්තිය ගැන අප කතා කල යුත්තේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ජීවන තත්වයේ ගුණාත්මකභාවය පවතින්නේ triple bottom line එහෙමත් නැත්තන් economic , social & environmental sustainability කියන කාරණා තුනම උඩ ... අපිට වැරදිලා තියෙන්නේ ඔකේ environmental පාර්ට් එක විතරක් අල්ලන් දඟලන හින්ද..... මගේ මේ Sustainability සිංහලෙන් ලිපියෙන් වඩාත් පැහැදිලි වෙයි.....
      http://nopenena.blogspot.qa/2017/02/sustainability-1.html

      Delete
  4. අඩුපාඩු පෙන්වන්න යයි ඔබ කියා තිබුන නිසා:

    //විදුලි බුබුලක් වොට් 60 (60 Watt ) යනුවෙන් කීමෙන් පවසනුයේ එම විදුලි බුබුල තත්පරයකදී ජුල් 60 ක ශක්තිය පරිභෝජනය කරන (ආලෝක ශක්තියට පරිවර්තනය) කරන බවකි. //

    එහෙම තැනක් පෙනෙනවා මෙහි. මම හිතන්නේ එය,


    විදුලි බුබුලක් වොට් 60 W යනුවෙන් කීමෙන් අදහස් වනුයේ එම විදුලි බුබුල තත්පරයකදී ජුල් 60 ක ශක්තිය පරිභෝජනය කරන බවත් ඉන් ප්‍රතිශතයක් ආලෝක ශක්තියට පරිවර්තනය කරන බවත්ය. එම ප්‍රතිශතය බල්බයේ ස්වභාවය මත තීරණය වේ.

    ReplyDelete
    Replies
    1. ඔව් .... ඔබ කියන දේ හරියට හරි .... නමුත් කියවන්නා ආධුනිකයෙක් වු විට ඔහු confuse නොකිරීම ට මෙසේ හොඳ යැයි සිතමි .... කාර්යක්ෂමතාව ටිකක් ගැඹුරු සංකල්පයක් නේද ?

      Delete
  5. වටිනා ලිපි පෙලක් වේවි.බ්ලොග් එක ලේසියෙන් ෆලෝ කරන්න විදිහකුත් තිබුන නම් පාඨකයන්ට එන්න ලේසි වේවි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මොකක්ද මෙ follow කතාව?

      Delete
    2. මේ ලින්ක් එකෙන් බලන්නකො..
      https://atampahura.blogspot.com/2016/11/how-to-write-sinhala-blog-10_9.html

      Delete
    3. ඕක මට අටමාත් එවල තිබ්බ.... ශේහ් ඕක මට access කරන්ඩ බැහැ කටාර් වලින් :(

      Delete
    4. Try this.
      https://www.youtube.com/watch?v=72sDe5OMHmE

      Delete
    5. දැන් හරි නේ ?

      Delete
    6. බ්ලොගර් ෆලෝවරය තමයි සාමාන්‍යෙන් ඇහැට හුරු. අපිට ඕනෙ මොන ලෝකෙන් හරි පෝස්ට් එකක් වත් මග ඇරගන්නැතුව කියවන්ට නෙව

      Delete
    7. ගුගල් ෆලොවර් එක ගැන කියල තියෙන්නේ... ඒක දාලා මගේ ගූගල් එකවුන්ට් එකයි බ්ලොග් එකයි ලින්ක් වෙලා දැන් එකත් ජනසතු එකක් වුණා

      Delete
    8. https://www.youtube.com/watch?v=RzUUWAP9kZU
      හුටා.. බ්ලොග් එකට අදාලව වෙනම මේල් අකවුන්ට් එකක් තියාගෙන ඉන්නෙ ගස්ලබ්බ නම්.නැහ් නං ඔක්කොම ඇනිලා විකාරයක් වෙනෝ.

      Delete
  6. Thank you very much for your genuine effect Nadeera.. cheers...

    ReplyDelete
  7. Thanks... awaiting your feedback too

    ReplyDelete