Tuesday, January 23, 2018

විදුලි අර්බුදය ගැන කථා කලයුත්තේ ඉංජිනේරුවෝ පමණක්ද ?

පරිසරවේදියාගේ ප්‍රශ්නය - 

දැන් ඔයා කියන්නේ ඔය විදුලි බල ක්ෂේත්‍රය ගැන කථා කරන්න වගේම අවබෝධ කරගන්න විදුලි ඉංජිනේරුවෙක් වෙන්න ඕනෙද? අපිට බැරිද ඕවා ගැන කථා කරන්න?


උත්තරේ - 

අපෝ පුළුවන්! ඒ වගේම මම ධෛර්යමත් කරනවා හැමෝම ඇවිත් මේ ක්ෂේත්‍රය ගැන දැනුවත් වෙන්න කියල....

මම කොහේදීවත් කියල නැහැ මේ විදුලි ක්ෂේත්‍රය තේරෙන්නේ විදුලි ඉංජිනේරුවන්ට විතරයි කියල.... මගෙත් උත්සාහය මේ විෂය සරල කරලා කියල සාමාන්‍ය මිනිස්සු අතරටත් ගෙනියන එක.... මොකද එහෙම වුනොත් තමා අපිට පුළුවන් වෙන්නේ මේ පිළිබඳව හරි විදියට රටේ මිනිස්සුන්ව දැනුවත් කරලා හරි මාර්ගයේ යන්න... මේ විෂය හරි සංකීර්ණයි/ඒක තේරෙන්නේ ක්ෂේත්‍රයේ ඉන්න අයට විතරයි කියන මතේ මම නැහැ ..... මම බලශක්ති අර්බුදේ ගැන වගේම Sustainability වගේ ඉංග්‍රීසියෙන්ම ඉගෙන ගන්න ඕනේ විෂයන් ගැන සිංහලෙන් ලියන්නේ අන්න ඒ හින්දයි ..... එකට සම(හරක්) ට තරහ ගිහින් බ්ලොග්කාරය කියමින් මම දෙන පණිවිඩේ රාමුවකට කොටු කරන්න හැදුවට මම සැලෙන්නේ නැහැ... සමහරු හිතන් ඉන්නේ මේ විෂයන් සීමිත පිරිසක් අතරේ තියෙන්න ඕනේ කියල ....

උදා (මගේ ලිපි )- 
https://roar.media/.../sustainability-in-sinhala-part-one/
https://roar.media/.../featured/the-sri-lankan-power-crisis/
https://roar.media/sinhala/features/natural-gases/


මූලාශ්‍රය  - ශ්‍රී ලාංකීය බ්ලොග්කරුවන් පිලිබඳ මහා දැනුමැති විදුලි බලාගාර කළමනාකරුවා ඔබෙන් සඟවන සත්‍යය


මම මේ කියන දේවල් තේරුම් ගන්න විදුලි ඉංජිනේරු උපාධියක් අවශ්‍ය නැහැ .... A/L වලට භෞතික විද්‍යාව ( physics) කරලා නැති කෙනෙක් වුනත් O/L විද්‍යාව විෂය තාර්කිකව ඉගෙන ගෙන තියෙනවා නම් මේ කියන දේවල් තේරුම් ගන්න අමාරු නැහැ! ඒකවත් ඉතින් තේරෙන්නේ නැත්තන් ඔය පැල හිටවනවා, ගෙදර සොලර් උණුවතුර එකක් හයි කරගන්නවා වගේ පාරිසරික ක්‍රියාකාරකම් කර කර හිටියට අපේ විරුද්ධත්වයක් නැහැ ....

මේ ඉතින් වාද කරද්දී එකක් මතක තියාගන්න ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කියන දේවල් ඒ මනුස්සයා ඒ පිලිබඳ expert කෙනෙක් හින්ද - ඒක හේතුවක් කරන් ඒ කියන දේ  බැහැර කරන්න ඕනේ කියල වගේ ගොන් තර්ක නම් දාන්න එපා කරුණා කරලා! 

හරි මූලාශ්‍රයක් දත්තයක් විද්‍යාත්මක කරුණක්  පදනම් කරගෙන තාර්කිකව ගොඩනගන මතයක් විවෘත මනසින් පිළිගන්න - අන්න එහෙමයි දියුණු වෙච්ච රටවල් වල මිනිස්සු!

මම තර්ක කිරීම ගැන ඉතාමත් හොඳ ලිපියක් දැක්ක නිශාන්ත කමලදසයන්ගේ - අපේ සිහින තර්ක විතර්ක – නිශාන්ත කමලදාස


ප.ලි - මේ දවස්වල යන වාදෙකට type කරන ඒවා දානවා මේ වගේ බ්ලොග් පොස්ට් විදියට ... කාටත් දැනගැනීමට! මේවා වාදෙට සම්බන්ධ අය කියෙව්වේ නැතත් බ්ලොග් අවකාශේ අය කියවයි කියන එක මම හොඳින්ම දන්නවා!

Wednesday, January 3, 2018

බැඳුම්කර මගඩිය හාල් මැස්සෙකි - විදුලි බලාගාර මාෆියාව තල්මසෙකි


ඊයේ දිනයේ අප සරල ජනාධිපති පැවසු ආකාරයට බැඳුම්කර වංචාවේ රජයට පාඩුව රුපියල් බිලියන 8.5 කි. 





බැඳුම්කර වංචාව - රු බිලියන 8.5 

සිල් රෙදි මගඩිය - රු බිලියන 0.6 


ඉහත මගඩි දෙකෙහිම එකතුව රුපියල් බිලියන 10 වත් වන්නේ නැත. 



2017 විදුලි තෙල් බිල - රු බිලියන  80

කෙරවලපිටිය බලාගාරය ප්‍රාග්ධන වියදම දෙගුණයක් බව පෙන්වීම නිසා ගෙවීමට සිදුව ඇති මුදල  - රු බිලියන 46 


(මෙම බලාගාරයේ ගිවිසුමට (PPA - Power Purchase Agreement) අනුව මෙහි ප්‍රාග්ධනය අය කරගන්නේ සාමාන්‍ය පිළිගත් අගය මෙන් දෙගුණයකි. සිංගප්පුරුව, ඔස්ට්‍රලියාවේ පමණක් නොව ඇමෙරිකාවේ එවැනි සංයුක්ත බලාගාරයක් සෑදු විට වැයවන්නේ මේ මුදලින් භාගයකට ආසන්න මුදලකි. මෙය මේ පිළිබඳව අධ්‍යනය කල පිළිගත් දෙස් විදෙස්  විශේෂඥයන් මඩුල්ලක් මගින් සනාථ කොට ඇත (Pathfinder Foundation-Sri Lanka, Economic Consulting Associates-UK, KPMG Sri Lanka). 

අදාළ වාර්තාවට දිගුව - http://www.pucsl.gov.lk/english/wp-content/uploads/2015/01/Final-Report_Web-Publish.pdf

මේ පිළිබඳව කලින් ලිවූ බ්ලොග් සටහන - විදුලි බලාගාර කළමනාකරුවා ඔබෙන් සඟවන සත්‍යය



නමුත් අප විශාල කාලයක් සහ සම්පත් ප්‍රමාණයක් වැය කරමින් සොයන්නේ මෙවැනි ඩීල් ගැන පාඩු වංචා ගැන නොවේය. 







මෙයින් මා අදහස් කරන්නේ සුළු ප්‍රමාණයේ හොරකම් නොසලකා හැරිය යුතු බව නොවේය. මා පවසන්නේ විශාල වශයෙන් සිදුවන පාඩු (නොපෙනී සිදුවන පාඩු) සහ වංචා ගැනත් අප අවධානය යොමු කාල යුතු බවය.

දැන් ඉතින් මෙය සෙව්වේ නැතැයි කියා සරල ජනාධිපතිට බැණලා වැඩක් නැත. ඔහු දුන්නේ ඉල්ලුමකට සැපයුමකි.

අපේ සිතුම් පැතුම් සරලය. අප අවධානය යොමු කරන්නේ සරල කරැණු වලටය. අපේ ජනාධිපති ද සරල මිනිසෙකි. එබැවින් අප ඉල්ලන්නේ සරල හොරකම් ගැන සොයන මෙන්ය. 



හාල් මැස්සන් තෙල් දැමු විට රසය - එහි විවාදයක් නැත. නමුත් තල් මසුන්ද අල්ලාගත යුතුය. 


මේවා සරල කොට හැමෝටම තේරෙන්නට ලිව්ව විට, ඩීසල් විදුලි බලාගාර කළමනාකරු අපට පහර දෙන්නට එන්නේ ධම්මපද ගාථාව කුත් රැගෙනය. ඔවුන්ට අනුව "මේ විෂයන් ඉතාමත් සංකීර්ණය. ඒවා අනෙක් අයට තේරෙන්නේ නැත. විදුලි බලාගාරයෙන් පඩි ගන්නා අය පමණක් මේවා ගැන කථා කල යුතුය. විදුලි ඉංජිනේරුවෙක් බ්ලොග් ලිව්වොත් ඔහුට විදුලි පද්ධතිය ගැන තේරෙන්නේද නැත. එවිට ඔහු නිකම්ම නිකම් බ්ලොග්කාරයෙකි. 2015 මුල් භාගයේ විදුලි ඒකකයක් රු. 45 කට විකිණු බව කියූ සියලුම රාජ්‍ය වාර්තාද වැරදිය " 

මේ ඩිසල් මාෆියාවයි! මේවා ගැන කථා කලොත් ඔවුන් අපට පහර දෙන්නේ එසේය!

සමබර ආහාර වේලක් දරුවාට නිසි අධ්‍යාපනයක් දීමට නොහැකි මිනිසුන්ගේ බදු සල්ලි සොරා ගැනීමට ඔවුන්ට අයිතියක් ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි. 



අප කාන්තාවන් අපනයනය කොට ඩීසල් ආනයනය කරමු!




Tuesday, January 2, 2018

ශ්‍රී ලාංකීය බ්ලොග්කරුවන් පිලිබඳ මහා දැනුමැති විදුලි බලාගාර කළමනාකරුවා ඔබෙන් සඟවන සත්‍යය

 "ස්වභාවික වායු බලාගාර බෝඩ් සහිතව ඩීසල් බලාගාර" ඉදිකොට මහජන මුදල් ගරාගැනීම සම්බන්ධයෙන් තව දුරටත් විග්‍රහ කොට රචිත ලියවිල්ල මෙම බ්ලොග් අඩවියෙත් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ  සඟරාවේත් (SLEN  - Sri Lanka Engineering News) පලවීම නිසා කෙරවලපිටිය බලාගාරයේ විදුලි ඒකකයක් 2015 වර්ෂයේ රුපියල් 45 ක් වැනි ඉහල මුදලකට (ඉහල මුදලක් යි පැවසුවේ 2015 වසරේ ලං. වි. ම ඒකකයක් විකුණුවේ රු . 15.94 ක සාමාන්‍ය අගයකට නිසාය) විකිණීම සරල සිංහලෙන් පැවසීම ගැන උරණ වූ එම බලාගාරයේ කළමනාකරු මා වෙත පිළිතුරු ලිපියක් එවන්නට යෙදුනි. එයට මා විසින් පළකළ පිළිතුරු ලිපියට අදාල සඟරාවේත් පළවීමෙන් පසු නැවතත් මා වෙත පිළිතුරු ලිපියක් ඒවා තිබුණි. 

එම පිළිතුරු ලිපිය දුටු විට මා හට ඇති වුයේ විමිතියකි. මන්ද එම බලාගාර කළමනාකරුවා පිලිබඳ ඇති ශ්‍රී ලාංකීය බ්ලොග්කරුවන් පිලිබඳ ඇති මහා දැනුම සම්බන්ධයෙනි. 

එයින් කීපයක් පහත උපුටා දක්වා ඇත. 

"




"
මේ කිහිපයක් පමණි. ඔහු සියලුම බ්ලොග් රචකයන්ගේ දැනුම, නොදැනුම, සංයමය පමණක් නොව බ්ලොග් කරුවන් කප්පම් ගැනීම ගැනද සොයාගෙන ඇත. එම ලිපිය දිගටම කියවීමෙන් ඔබට තවත් ඒ පිලිබඳ ලියුම්කරුගේ හිතේ ඇති කල්පිතය තේරුම් ගත හැක. 

එයට පිළිතුරු ලිපියක් මා විසින් SLEN කතෘ වෙත යවන ලද අතර සුපුරුදු පරිදි බ්ලොග් අවකාශයේ සංවාදය ගෙන යෑමට එම පිළිතුර මෙහිද සටහන් කර තබන්නෙමි.


පිළිතුරු ලිපියට ප්‍රවේශයක් ලෙස ඉහත ලියුම්කරු පුනපුනා පවසන පරිදි සංයුක්ත බලාගාර (CCGT  - Combined Cycle Gas Turbine) වනාහි අනන්‍ය තාක්ෂණයකි - එහි වාදයක් නොමැත. එබැවින් ලංකාවේ ඇති තවත් එවැනිම විදුලි බලාගාරයක් වන AES කැලණිතිස්ස බලාගාරයේ සහ කෙරවලපිටිය බලාගාරයේ (Westcoast Powerplant ) අදාල ප්‍රාග්ධන ආයෝජනය අය කරගැනීමේ සාධකය වන Capital Cost Recovery Rate (CCRR) සංසන්දනය කර බලමු. 



මූලාශ්‍රය - අදාළ PPA සහ ඒ පිලිබඳ 2014 කරන ලද අධ්‍යයන වාර්තාව (Pathfinder Foundation-Sri Lanka, Economic Consulting Associates-UK, KPMG Sri Lanka විසින්)


AES බලාගාරයේ එක් කිලෝවොට් එකක් සඳහා ධාරිතා මිල ඒ බලාගාරයේ ගිවිසුමට (PPA) අනුව 643US$/kW වන අතර එම ගිවිසුම සකස් කරන ලද 2000 වර්ෂයේ එම අගය 2014 වර්ෂය සඳහා සකස් කල විට 1190US$/kW අගය ලැබේ (ප්‍රාග්ධන වියදම් වල වැඩිවීම සහ මුල්‍ය අවප්‍රමාණ වීම් සකස් කල විට). එම 1190US$/kW අගය වනාහි කෙරවලපිටිය බලාගාරයේ 2021US$/kW සමග සංසන්දනය කළහැකි අගයකි. 

මෙම බලාගාර දෙකම එකම තාක්ෂණයක් ඇති අතර එක හා සමාන විදුලි විකිණීමේ ගිවිසුම් ව්‍යුහයක් (PPA Structures) ඇත. බලාගාර දෙකම ඇත්තේ ශ්‍රී ලංකාවේය. එසේනම් AES බලාගාරයේ CCRR අගය මෙන් 3 ගුණයකට වැඩි මුදලක් නැතහොත් 2014 වර්ෂයට සාධනය කරන ලද අගය මෙන් දෙගුණයකට ආසන්න මුදලක් කෙරවලපිටිය බලාගාරය වෙනුවෙන් මහජන මුදලින් ගෙවන්නේ කුමක් නිසාද? කුමන හේතුවක් නිසාද?


මෙය තව දුරටත් පැහැදිලි කරගැනීමට කෙරවලපිටිය බලාගාරයේ ප්‍රාග්ධන වියදම (PPA ගිවිසුමට යොදාගත් අගය)  ලෝකයේ වෙනත් පිළිගත් බලාගාර/අධ්‍යයන වල ඇති ප්‍රාග්ධන වියදමත් සමග සන්සන්ධනය කර බලමු. 


මූලාශ්‍රය - ඉහත සඳහන් පරිදි

කෙරවලපිටිය බලාගාරය පමණක් එම බලාගාරයේ විදුලිය මිලදීගැනීමේ ගිවිසුමට අනුව එහි ප්‍රාග්ධන වියදම ඉහත අගයන්ගේ සාමාන්‍ය අගය (පිළිගත් ජාත්‍යන්තර අගයන්) මෙන් දෙගුණයක අගයක් එනම් 2000 US$/kW වලට වැඩි අගයක් ගනී. මෙය සිදුවී ඇත්තේ කෙසේද යැයි එම බලාගාර කළමනාකරු මීළඟ පිළිතුරු ලිපියෙන් පාඨකයන්ව දැනුවත් කරණු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වෙමු! එය තවත් “තමා පමණක් නිවැරදි  සහ ඉහත සඳහන් ලොව පිළිගත් විශේෂඥයන්/අධ්‍යයන සමාගම් සියල්ලම වැරදි යි” වෘත්තිකයෙකුට තරම් නොවන තර්කයක් නොවණු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. 

පිටු 8 පුරා තමා තුල ඇති තර්කයේ අසමත් බවත්, තමා පමණක් නිවැරදි අනෙකුත් සියලුම දෙනා වැරදි බවත් (ඔහුට අනුව PUCSL වාර්තාව පමණක් නොව මහා බැංකු වාර්තාවද වැරදිය - ඔහු එතරම් ආර්ථික විශේෂඥයෙකි ) පෙන්වීමට උත්සාහ කර ඇත.

මීට උදාහරණ - උපුටාගත්තේ කෙරවලපිටිය කළමනාකරුගේ ලිපියෙනි 
"




"

සංකීර්ණ බව පවසා ප්‍රශ්නයෙන් පැනයාම

පිළිතුරු ලිපිය පුරා ඇති අනෙක් කරුණ වන්නේ මෙම විදුලි බලාගාර පිලිබඳ විෂය ඉතා සංකීර්ණ විෂයක් බවකි. මා විසින් මෙම බ්ලොග් අඩවියේ මෙම තාක්ෂණික කරුණු සරල ලෙස විග්‍රහ කොට සාමාන්‍ය පාඨකයන්ටත් ගම්‍ය වන ලෙස කරුණු ඉදිරිපත් කර තිබීම නොමනා ක්‍රියාවක් ලෙස ඔහුගේ ලිපිය පුරා ලියා ඇත.

උ.දා  -


තර්කයක් ගොඩ නැගීමේ මූලික සංකල්පවත් නොදන්නා බව මැනවින් පෙන්වා ඇති ලියුම්කරු ඔහුගේ  මතයන් (opinion), දත්තයන් (facts) ලෙස සමාජ ගත කිරීමට අසාර්ථක උත්සාහයක යෙදී ඇත. ඒ සඳහා ඔහුගේ එක් හේතුවක් වන්නේ මේවා ඉතා සංකීර්ණ විෂයන් බවකි. හොඳින් විෂය අවබෝධ කරගත්තෙකුට එය සරල ලෙස ඉදිරිපත් කිරීම කල හැකි සහ කර ඇති කටයුත්තකි. මා තාක්ෂණික කරුණු පිලිබඳ සිංහලෙන් බ්ලොග් ලියන්නේත් වෙනත් සිංහල මාධ්‍ය වලට ලියන්නෙත්,  විද්‍යාව හා තාක්ෂණ දැනුම සම්ප්රෙශනයේදී භාෂාව බාධකයක් නොවිය යුතුය යන අරමුණෙනි.



සාරාංශය 

සමස්ථයක්  ලෙස මේ විදුලි බලාගාර කලමනකරුගේ  තර්ක කිරීම මෙවැනි දෙයකට සමාන කල හැකිය. ගමක බසයක් ධාවනය කරන රියදුරු සිතා සිටින්නේ බසය ගැන ඔහු සියල්ල දන්නා බවත් එහි යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය පමණක් නොව රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය ගමන් කල යුත්තේ කුමන දිශාවටද යන්නටද ඔහුට මානා අවබෝධයක් ඇති බවය. 



ඔහුට අනුව බස් රථය නිෂ්පාදනය කල සමාගමේ Design Engineer ටත් රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විෂය ප්‍රවීනයනුත් (Transportation & Traffic analysers) ඔහු තරම් දැනුවත් නැත. එම රියදුරු සිටින්නේ ඔහුගේ ලෝකයේය - තෙල් වතුර බලා බස් රථය දිවීමත් එය කැඩුණු විට අමතර උපාංගයක් (spare part ) එකක් දමා සාදා ගැනීමත් කාල වෙලාවට අවශ්‍ය නඩත්තුව (scheduled maintenance) කිරීමටත් වඩා පරිණත දෙයක් නැත. 

මීට සමාන උදාහරණ කිහිපයක් -  උපුටා ගත්තේ යාන්ත්‍රික ඉංජිනේරු තරිඳු ගේ පිළිතුරු ලිපියෙනි 
"
"


දිනපතා බස් රථ රියදුරු යන පාරේ දකින දේ අනුව ඔහු ගන්නා නිගමන අනුව රටේම ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනස් කල යුතු බව සිතයි (ඔහුට අනුව දුම්රිය (metro/express train etc) අවශ්‍ය නැත. බස් රථ ධාවනය කරන්නේ ඉතාමත් ලාභයට සමාජ සත්කාරයක් ලෙසය) - ඒ බස් රථ රියදුරුගේ ලෝකයයි. එම බස්රථ රියදුරු සිතන්නේ ඔහු තරම් විෂය පිලිබඳ දනුවත්තෙකු නොමැති බවය - මෙම ලියුම්කරුගේ ඉහත ප්‍රකාශයත් එවැනිය. 

මේ වනාහි මෙම විදුලි බලාගාර මාෆියාවේ තරමයි. පිළිතුරු දෙන අයුරුයි! කෙසේ නමුත් අවසානයේ ධම්ම පද ගාථාවක් දමා සම්ප්‍රදායික ක්‍රමයෙන් තමා උතුම් බව පෙන්වීමටද මොහු අමතක කර නැත.


Related Posts Plugin for WordPress, Blogger...